හැමෝම දැන් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උනන්දු හින්දා මටත් හිතුනා ටිකක් ඒ ගැන කතාකරන්න ඕන කියලා.
අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම කීපයක් තියෙනවා. ඒවා අතුරින් ලේසිම ක්‍රමය තමා Ad click කරලා සල්ලි හොයන එක. ඉතින් කියන්න ඕන මේ ක්‍රමය රස්සාවක් විදිහට භාවිතා කරනවාට වඩා අමතර ආදායමක් විදිහට පාවිච්චි කරන එක තමා වඩාත් සාර්ථක. මොකද මේවගෙන් ලබා ගන්නා ආදායම අඩු වැඩි වෙන්න පුලුවන් හින්දා.
ඊලඟට කියන්න ඕන මහා ලොකුවට සල්ලි හම්බකරන්න පුලුවන් කියලා කියන සමහර වෙබ් සයිට් සත පහකට ෂුවර් නෑ. ඒ වගේ ඒවා බොහෝ විට පිරමිඩ වගේ තහනම් මුදල් ගලා යෑමේ ක්‍රම භාවිතා කරනවා. ඒවාට සම්බන්ධ වෙන්න ලොකු මුදලක් ගෙවන්නත් ඕන (රු 50000 ක් විතර). අපිට ඉතින් එහෙම සල්ලියක් තියනවායෑ.
කොහොම උනත් අපේ වෙලාවට නොමිලේ ලියාපදිංචි වෙලා සල්ලි ටිකක් හොයාගන්න පුලුවන් එවත් තියෙනවා. ඒවා අතරිනුත් අතලොස්සක් විතරයි අපිට ටිකක් හරි වාසි ඒවා තියෙන්නේ.
ඒ අතුරින් අද මම හඳුන්වලා දෙන්න යන එකත් ගොඩක් ලේසි වගේම නිතරම අපිට ඉක්මනින් සල්ලි හොයන ක්‍රම හඳුන්වලා දෙනවා. එහෙනම් පටන් ගනිමු නේ...හොඳ දේවල් වලට පරක්කු වෙන්න හොඳ නෑනෙ.
දැං ඕගොල්ල කෙලින්ම උඩ තියන බැනර් එක ක්ලික් කරලා යන්නකො බලන්න Clixsense පිටුවට.
ඔය වෙබ් එකේ තියෙනවා Signup for ClixSense FREE and start earning... කියලා පෝරමයක්ග මේක පිරවුවාම අපිට පුලුවන් නොමිලේම දෙන Clixsense ගිණුමක් විවෘත්ත කරගන්න. මතක තියාගන්න එක ගෙදරකට එකයි. හැබැයි පරිගනක 2ක් හා අන්තර්ජාල සම්බන්ධතා 2ක් නම් ගිණුම් 2ක් තියා ගත්තට අවුලක් නෑ. හැබැයි එකම පරිගණකයෙන් එහෙම නැත්නම් එකම අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ගිණුම් දෙකක් තිබිලා මාට්ටු උනාම ගිණුමත් අහෝසියි, හොයපු සල්ලිත් වතුරේ.
Clixsense වලින් මුදල් හොයන ක්‍රම කීපයක් තියෙනවා.
ඒවා තමා
| Visiting Websites | Taking Surveys |
| Completing Offers | Completing Tasks |
| Playing ClixGrid | Contests |
| Shopping Online | Referring Others |
සාමාන්‍යයෙන් ලංකාවෙ ඉන්න කෙනෙකුට හරියට බඹරේ කැරකුනොත්(හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන) දවසට $5 කට ආසන්නව ඒ කියන්නේ රු. 500ක් විතර හෙව්වහැකි.
මේකේ වැඩිපුරම සල්ලි හොයන්න පුලුවන් Offers හා Tasks වලින් තමා. බොහෝ වේලාවට ClixGrid කියන ගේම් එකෙනුත් වාසනාව කැරකෙනවා.
ගොඩක් වෙලාවට Offers හා Tasks ගොඩක් කරන්න පුලුවන් රෑට. ඒ මොකද අපිට රෑ වෙනකොට ඇමරිකාවට දවල්නේ. ඉතින් ඇමරිකාවෙ අය Offers හා Tasks අලුතින් දාන්නෙ ඒ ගොල්ලන්ට දවල් වෙලාවෙනේ.
ඊ ලඟට මොක තිබ්බත් වැඩක් නෑ Tasks කරන්න ඉංග්‍රීසි ටිකක් අතපත ගාලා තියෙන උපදෙස් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒත් සමහර අය ඉන්නවා මෙලෝ දහමක් දන්නේ නැති උනාට බලලා තියෙන දේ තේරුම් අරගෙන යසට වැඩ කරන අය. ඒක ඉතින් සහජ හැකියාව.
මේ කොයි එකටත් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයක් විතරයි එක්කෙනෙකුට කරන්න දෙන්නේ. ඒ වගේම ඉක්මනට කරන කෙනාට වැඩි ප්‍රමාණයක් කරන්න පුලුවන්.
බය වෙන්න දෙයක් නෑ මේකෙන් ගෙවනවා 100%ක් ෂුවර්. මොකද මගේ Sponsor 3න්පාරක් සල්ලි ගෙන්න ගෙන කරදරයක් නැතිව චෙක් මාරු කරගෙනත් තියෙනවා. ඒ කියන්නේ $300 ක් රුපියල් නම් 39000 ක් විතර.
එකම අවුල $100 ක් එකතු වෙනකන් සල්ලි ගෙන්න ගන්න බැරි කම. Paypal මගින් ලංකාවට මුදල් ගෙන්න ගන්න පුලුවන් උනානම් ඩොලර් 8ක් උනාම පුලුවන් එත් ඉතින් කරන්න බැහැනේ. හැබැයි ඉතින් මේක එක අතකට වාසියක්. එක සැරේ කුට්ටියක් ගතෑකිනේ.
දැං ඕගොල්ල පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න.
ආ... එකක් කියන්න ඕන. මම මුලින්ම කිව්වනේ බඹරේ කරකුනොත් හරී කියලා. හැබැයි සමහර දවස් තියෙනවා වැලේ වැල් නෑ. එහෙම වෙන්නේ එක්කො ඔයා පරක්කුයි, නැත්නම් වැඩිය දැන්වීම් ප්‍රුචාරය කරලා නෑ කියන එකයි. ඉතින් එහෙම උනා කියලා සැලෙන්න නරකයි.
පස්සේ තව විස්තර කියන්නම්...