Monday, October 29, 2012

ටෙනිස් බෝලෙ නොහොත් ටුක් ටුක් කාරයාගේ ගුටි පූජාව

වෙනසකටත් එක්ක ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සන්තෑසියක් ගැන ලියන්න හිතුනා හැමොටම දැනගන්න. මේක සිද්දිය දන්නෙ මෙක වෙන මොහෙතෙ හිටපු සෙට් එක විතරයි. මගේ දැනුවතේට මෙක වෙන කව්රුවත් දන්නේ නෑ. මොකද වෙච්ච දේට විලි ලැජ්ජාවේ බැරි නිසා මොකෙක්වත් කාටවත් කිවිවෙ නෑ. ඔන්න එහෙනම් සිද්දිය සැකෙවින්...

මේ සිද්ධිය උනේ හිරියටම 1999 ජනවාරි මාසෙ 01 දා, පට්ටයි නේ දවස හරියටම අවුරුද්ද පටන් ගත්තා විතරයි.

මේ ලියන මමයි මගේ යාලුවෝ 6ක් විතර වගේ තව යාලුවෙක්ගේ ගෙදර යන්න සෙට් උනා. අපි එතකොට සාපෙ කරලා ගෙදර ඉන්න දවස්. අපි සෙට්එක කොහොම හරි ටවුන් එකට සෙට් උනා උදේ 8ට විතර. දැන් යාලුවාගෙ ගෙදර ගෙනියන්න මොනව හරි ගන්නත් එපැයි. ඒක නිසා අපි බස් ස්ටෑන්ඩ් එකට පහලින් තියෙන පාර දිගේ (අපි කියන්නේ short cut කියලා. මොකද ඒ පාර ප්‍රධාන පාරවල් දෙකක්  යා කරනවා) කඩයක් බල බල ගියා. කොහොම හරි ටුක් ටුක් පාර්ක් එක තියෙන්නේත් මේ පාරේ. මමයි අපේ ගෙවල් ගාව යාලුවෙකුයි  පාර්ක් එකේ දකුණු පැත්තෙන් ගියේ. එතකොට මම දැක්කා එක ටුක් ටුක් එකක කික් එක (අර ස්ටාට් කරන්න අදින පොල්ල, දැන්නම් ඉතින් ගොඩක් ඒවාගේ ඔය පොලු හරඹ කර කර ඉන්නේ නෑනේ. බොත්තම තද කලාම ඉවරයි.) බඳේ වදිනවට ටෙන්ස් බොලයක් ගහල තියෙනවා. අපිට ඉතින් ඒ දවස් වල ක්‍රිකට් පිස්සුව. බොලෙ දැක්ක විතරයි මට මාර දොළක් උපන්නා අර බෝලෙ ගන්න. ටක් ගාලා පැන්න ගමන් බොලේ ගලෝගත්තා, බෝලෙත් ගේමක් නැතිවම මගේ අතට පැන්නයි කියපි, ඒ මදිවට මම මගේ ඉස්සරහින් ගිය යාලුවට බෝලෙ කරකවල පෙන්නුවෙ හරියට රටක් රාජ්ජයක් ලැබුන වගේ. ඒ මදිවට අර ගොන් වහන්සේ කියපි දාපන් ඕක ටක් ගාලා බෑග් එකට කියලා, ඇල්ලුවා බෑග් එකත් හොඳට ඇරල එහෙම. මමත් ඉතින් දෙපාරක් හිතුවේ නෑ දැම්ම බෑග් එකට බෝලෙ.

හරි දැන් මෙහෙයුම සාර්ථකයි. (අපි එහෙමයි හිතන් ඉඳියේ)..

කොහොමින් හරි ඒ කිට්ටුව තිබ්බ කඩේකට අපි යන්න කියලා නැවතුනා. මගේ යාලුව එලියෙ ඉඳියේ. මම කඩේ ඇතුලට යන්න හැරුනා. එතකොටම මට ඇහුනා කව්රු හරි මහ හයියෙන් කුණු හරුප වීසි කරනවා.

“මොන ???ද යකෝ බෝලෙ ගත්තේ” (තව සෑහෙන්න එවා කිව්වා, මට දැන් ඒවා මතක නෑ)

එතකොට එකෙක් මගේ යාලුවව පෙන්නුවා. අර මනුස්සයා යාලුවගේ T-shirt එකේ කරෙන් අල්ලලා ඇද්දා... අපේ එකත් අරින්නේ නෑ. “මම ගත්තේ නෑ යකෝ”.

අපි ටික කටවල් ඇරගෙන බලන් ඉන්නවා මොකද වෙන්න කියලා. ඇත්තටම මාව කොර වෙලා තිබ්බෙ.

දැන් කොහොමහරි අර මිනිහා අපේ පොරට ගේම දෙන්න ලෑස්තිය. අපේ එකාගේ T-shirt එකේ කරත් උරෙන් පනින තරමටම ඇදලා.

ඔය අතරේ අර කලින් මිනිහම කිව්වා ඕකගේ බෑග් එකේ බලපන් කියලා.

එත් අපේ මිනිහා කියන්නේම  බෝලෙ ගත්තේ නෑ කියලා.

ඒ මදිවට අර මනුස්සයා වටේ ඉඳපු අපේ සෙට් එකටත් නෙලන්න පටන් ගත්තා. මම යන්තන් පැත්තකට පැනලා ජාමෙ බේරගත්තා.
දැන් ගිනි විජ්වුම්බරයයි. ත්‍රාසජනක සටන් ජවනිකාව බලන්න සෑහෙන්න පිරිසකුත් වටවෙලා. ඇන් ටුක් ටුක් කාරයා අපේ එකාට හීනියට නෙලනව. ඒ කියන්නේ මූ ගහන එවා අපේ එකාට වදින්නෙ නෑ හරියට මේකා දඟලනවා  “ෂර්ට් එක අතෑරපන්” කිය කිය. ඔය අතරේ T-shirt එකේ කර ඉරුනා කියපන්කෝ, මාර කේස් එක. දැන් වටේ මිනිස්සු කෑගහනවා ඔගොල්ල යාලුවව බේරගන්න කියලා.

අන්තිමේදි අපි ටික පැනලා  “අනේ අයියේ ගහන්න එපා” කියලා අරකගේ ඇඟේ එල්ලුනා. ඔය අතරේ අපේ එකා බෑග් එකෙන් බෝලේ අරන් දුන්නා.

අම්මපා අර ටුක් ටුක් කාරයා කියනවා මල්ලී ඕක කලින්ම දුන්නනම් ඉවරයිනේ කියලා. කලින් දෙන්න මූ ඉතින් ඉඩ දුන්නයෑ.

දැන් ඉතින් වස ලැජ්ජාව. කඩේට යාම පැත්තකින් තියලා අපි අනිත් පාරට ගිහින් අපේ එකාගේ  T-shirt එකේ කරට කටු ටිකක් ගහගෙන පයින්ම ඉස්කෝලෙ ගාවට ගියා යාලුවගේ ගෙදර යන්න බස් එක ගන්න. එතනින්ම කේක් ගෙඩියකුත් ගත්තා.

කොහොම හරි යාලුවගේ ගෙදරත් ගිහින් සේරම අමතක කරලා හොඳට නාලා, කාලා එහෙම ආවා.

වාසනාවට ටුක්ටුක් බුවාගේ ගුටි පූජාව හින්දා කාටවත් තුවාල උනේ නෑ. ගෙවල් ගාව යාලුවා, බස් එකේ ඇමිනිලා ඉරුනා කියලා මුඡලින්ද කෙනෙක්ව අම්මට පෙන්නලා යාන්තමට ගොඩදා ගත්තා.

අදටත් අපි දෙන්නා මේ සිද්ධිය මතක් කරලා හිනා වෙනවා. ඇයි යකෝ රු. 20කට විතර මෙච්චර ගුටිකනවද?  ඒ මදිවට ඔහොම ගහනවාද දෙයියනේ?

මම මේක පටන් ගන්න කොටම කිව්වා මේක කව්රුවත් දන්නේ නෑ කියලා. ඒක ඉදිරියටත් එහෙම්මම තියෙන්න ඕන හින්දා මේ සිද්ධියට සම්බන්ධ නම් ගම් කිසිවක් හෙලි නොකලේ. නමුත් දන්නෝ දනිති.

රස වින්දනම් පොඩි කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා!!!


Saturday, October 13, 2012

Skype වලින් කෝල්ස් ගන්න සල්ලි හොයන හැටි - 2 කොටස


අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කලින් පෝස්ට් 1කෙන් කියා දුන්න විදිහට පොයින්ට් 100 ක් හොයාගත්තාම ඒක කොහොමද Skype 1ට දාගන්නෙ කියලා.

(හැම පියවරක්ම වගේ පහල පින්තූර වල තියනවා ඕගොල්ලන්ට ලේසි වෙන්න)

දැන් www.bing.com යන්න.

මුලින්ම ලොග් වෙන්න

ඊට පස්සේ Redeem ක්ලික් කරන්න.

ඊට පස්සේ ඔයාල යන පිටුවේ Skype Credit කියලා 1ක් ඇති. ඒක ක්ලික් කලාම එන් පිටුවෙන් Redeem ක්ලික් කරන්න. ඉන් පසු එන පිටුවෙන් Confirm and order my rewords ක්ලික් කරන්න.

දැන් බලන්න ඔයා ලොග් වෙන්න පාවිච්චි කරපු Microsoft Account 1කට Order එක e-mail  එකක් ඇවිත් ඇති.

දැන් ඒක විවෘත කරලා mail එකේ තියෙන අංක 16ක් තියෙන Skype Credit Voucher නොම්බරය copy කරගෙන ඊට පහලින් තියෙන www.skype.com/voucher ලින්ක් එකේ ක්ලික් කරන්න.

දැන් skype ගිණුමට ලොග්වෙලා Redeem your voucher or prepaid card කොටසේ තියෙන Type in the unique number from your voucher or card කියන තැනට කලින් copy කරගත්ත Skype Credit Voucher නොම්බරය paste කරන්න. දැන් I Agree to Skype කියන තැනට හරියක් දාලා එහෙම Redeem voucher or prepaid card ක්ලික් කරන්න. වැඩේ හරිනම් 


Your code was accepted

Important! Your order is currently being processed. This should not take more than 15 minutes.
Your voucher or prepaid card was succesfully redeemed, and we are now activating the following services:
$1.46 Skype Telephony Voucher for $1.46 
කියලා වැටෙන්න ඕන. නැතිනම් ආයෙත් බලන්න එක එක අකුර ඇතුලත් කරලා. එතකොටනම් හරියන්න ඔන.
ඔයාලා Skype වලට ලොග් වෙලානම් ඉන්නේ පොඩි notification එකක් ඒවි ටිකකින්. දැන් බලන්න Skype එකේ සල්ලි ඇවිත් ඇති.

මේ ක්‍රමයට ඕන වාරයක් පුලුවන් සල්ලි ගන්න. මමත් දහ පාරකට වඩා අරන් තියෙනවා. දැන් ඉතින් ඇති වෙනකන් පිටරට හරි ලංකාවේ හරි ඉන්න අයට ගේමක් නැතිව කෝල්ස් ගන්න පුළුවන්.

තව වටිනා ලිපියකින් පස්සේ හමුවෙමු. එතකන් පොඩි කොමෙන්ටුවක් එහෙම දාලා තියන්න.


Redeem ක්ලික් කරන්න
(හැම පියවරක්ම වගේ පහල පින්තූර වල තියනවා ඕගොල්ලන්ට ලේසි වෙන්න)
මේක හොයාගන්න
Redeem ක්ලික් කරන්න


  


Saturday, October 6, 2012

Don't have a Microsoft account? Sign up now

හරි දැන් අපි බලමු කොහොමද තමන්ටම කියලා Hotmail Account එහෙමත් නැත්නම් Microsoft account එකක් හදාගන්නේ කොහොමද කියලා.

1. මුලින්ම www.hotmail.com ලින්ක් එක ක්ලික් කරලා අදාල තැනට යන්න. 
2. ඊට පස්සේ ඔතන තියෙන Sign up now කියන තැන ක්ලික් කරන්න ඔන. 
3. එතකොට ඔන්න එනව අකමැතිම වැඩක් ෆෝම් පුරවන්න, මොනව කරන්නද මේක කරන්නත් එපායැ, වැඩි දේකුත් නැති එකේ පටන් ගමු.
4. කොහොමින් කොහොම හරි ඕක පුරෝලා අන්තිමේදී I accept ඔබන්න.

දැන් Microsoft account එකක හිමිකාරයෙක් හින්දා Microsoft එකේ බොහොමයක් සේවා ලබාගන්න පුළුවනි.

සඳක් වෙන්න - ඉමාෂා මුතුකුමාරි - Sandak Wenna - Imasha Muthukumari

මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙලා තියෙන ලස්සන සින්දුවක් අද ගෙනාවා ඔං එහෙනං බලලම ඉන්නකෝ, හදපු හැටිත් පහල තියෙනවා.


මේක හදපු හැටි පහල වීඩියෝ එකේ, MP3 විදිහට ගන්න මෙතන කලික් කරන්න


Friday, October 5, 2012

Skype වලින් කෝල්ස් ගන්න සල්ලි හොයන හැටි - UPDATED

ඕන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට මල් පේන පෝස්ට් එකක්...(2වන කොටස ට)

අද මම කියන්න යන්නේ Skype වලින් ලෑන්ඩ් ෆෝන් හෑන්ඩ් ෆෝන් වලට කෝල්ස් ගන්න සල්ලි හොයන ක්‍රමයක් ගැන.

මේකට කරන්න තියෙන්නේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි.

මේකට Microsoft හරි Facebook හරි ගිණුමක් තියෙන්න ඕන. මම නම් පාවිච්චි කරන්නේ Microsoft එකක්. නැති අය Microsoft ගිණුමක් හදාගන්න මුලින්ම.

හරී යාලුවනේ ඕන්න එහෙනම් Skype වලින් කෝල්ස් ගන්න සල්ලි හොයන හැටි ඉතිරි කොටසත් අරගෙනම ආවා. හැබැයි ඉතින් මුල් පෝස්ට් එකට කට්ටිය ඇවිත් ගිහින් තිබ්බට කව්රුවත් කොමෙන්ටුවක් වත් දාලා තිබ්බෙ නෑ. ඒකට කමක් නෑ මොනවහරි ගත්තනම් ඒ ඇති.

හරි අපි දැන් වැඩේ පටන්ගමු.

දැන් www.bing.com එකට ගිහින් ඔයාලා හදා ගත්ත Microsoft Account එක පාවිච්චි කරලා ලොග් වෙන්න ඔන මුලින්ම.

ඊට පස්සේ එතනම තියෙන Rewords වල ක්ලික් කලාම Today's to-do list 1කට ඔයාලව ගෙනියයි.

බැරි වෙලාවත් ඔහොම 1ක් තිබුනේ නැත්නම් පොඩි දෙයක් කරලා බලන්න, ලොග් වෙන තැන තියෙන Preference (දැති රෝදයක හැඩයට තියෙන්නේ) ඇතුලට ගිහින් ඒකෙ Location කියන 1කෙන් change your country/region තෝරලා ඊට පස්සෙ United States - English තෝරන්න. මොකද Rewards ප්‍රෝග්‍රෑම් එක අදාල වෙන්නෙ United States වල ඉන්න අයට හින්දා.

දැන් ඉතින් සුළු දෙයයි කරන්න තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඒක ක්ලික් කරලා ඒකේ තියෙන යම් යම් පොඩි දේවල් කරන්න. එතකොට ඊට අදාලව යම් කිසි ලකුණු ගණනක් ගිණුමට එකතු වෙනවා.

කොහොමහරි අපේ වැඩේට ඔන ලකුණු 100ක් විතරයි. 

මේ තියෙන්නේ මේ තියෙන්නේ  to-do list 1
මුලින්ම මේ තියෙන එවායින් ලකුණු 100ක හොයාගන්න. ඔයාල BING එක search engine එක විදිහට යොදා ගත්තොත් ඔය 100 කිරි කජු වගේ ගොඩ දාතෑකි.

2වන කොටස...