වෙනසකටත් එක්ක ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සන්තෑසියක් ගැන ලියන්න හිතුනා හැමොටම දැනගන්න. මේක සිද්දිය දන්නෙ මෙක වෙන මොහෙතෙ හිටපු සෙට් එක විතරයි. මගේ දැනුවතේට මෙක වෙන කව්රුවත් දන්නේ නෑ. මොකද වෙච්ච දේට විලි ලැජ්ජාවේ බැරි නිසා මොකෙක්වත් කාටවත් කිවිවෙ නෑ. ඔන්න එහෙනම් සිද්දිය සැකෙවින්...
මේ සිද්ධිය උනේ හිරියටම 1999 ජනවාරි මාසෙ 01 දා, පට්ටයි නේ දවස හරියටම අවුරුද්ද පටන් ගත්තා විතරයි.
මේ ලියන මමයි මගේ යාලුවෝ 6ක් විතර වගේ තව යාලුවෙක්ගේ ගෙදර යන්න සෙට් උනා. අපි එතකොට සාපෙ කරලා ගෙදර ඉන්න දවස්. අපි සෙට්එක කොහොම හරි ටවුන් එකට සෙට් උනා උදේ 8ට විතර. දැන් යාලුවාගෙ ගෙදර ගෙනියන්න මොනව හරි ගන්නත් එපැයි. ඒක නිසා අපි බස් ස්ටෑන්ඩ් එකට පහලින් තියෙන පාර දිගේ (අපි කියන්නේ short cut කියලා. මොකද ඒ පාර ප්රධාන පාරවල් දෙකක් යා කරනවා) කඩයක් බල බල ගියා. කොහොම හරි ටුක් ටුක් පාර්ක් එක තියෙන්නේත් මේ පාරේ. මමයි අපේ ගෙවල් ගාව යාලුවෙකුයි පාර්ක් එකේ දකුණු පැත්තෙන් ගියේ. එතකොට මම දැක්කා එක ටුක් ටුක් එකක කික් එක (අර ස්ටාට් කරන්න අදින පොල්ල, දැන්නම් ඉතින් ගොඩක් ඒවාගේ ඔය පොලු හරඹ කර කර ඉන්නේ නෑනේ. බොත්තම තද කලාම ඉවරයි.) බඳේ වදිනවට ටෙන්ස් බොලයක් ගහල තියෙනවා. අපිට ඉතින් ඒ දවස් වල ක්රිකට් පිස්සුව. බොලෙ දැක්ක විතරයි මට මාර දොළක් උපන්නා අර බෝලෙ ගන්න. ටක් ගාලා පැන්න ගමන් බොලේ ගලෝගත්තා, බෝලෙත් ගේමක් නැතිවම මගේ අතට පැන්නයි කියපි, ඒ මදිවට මම මගේ ඉස්සරහින් ගිය යාලුවට බෝලෙ කරකවල පෙන්නුවෙ හරියට රටක් රාජ්ජයක් ලැබුන වගේ. ඒ මදිවට අර ගොන් වහන්සේ කියපි දාපන් ඕක ටක් ගාලා බෑග් එකට කියලා, ඇල්ලුවා බෑග් එකත් හොඳට ඇරල එහෙම. මමත් ඉතින් දෙපාරක් හිතුවේ නෑ දැම්ම බෑග් එකට බෝලෙ.
හරි දැන් මෙහෙයුම සාර්ථකයි. (අපි එහෙමයි හිතන් ඉඳියේ)..
කොහොමින් හරි ඒ කිට්ටුව තිබ්බ කඩේකට අපි යන්න කියලා නැවතුනා. මගේ යාලුව එලියෙ ඉඳියේ. මම කඩේ ඇතුලට යන්න හැරුනා. එතකොටම මට ඇහුනා කව්රු හරි මහ හයියෙන් කුණු හරුප වීසි කරනවා.
“මොන ???ද යකෝ බෝලෙ ගත්තේ” (තව සෑහෙන්න එවා කිව්වා, මට දැන් ඒවා මතක නෑ)
එතකොට එකෙක් මගේ යාලුවව පෙන්නුවා. අර මනුස්සයා යාලුවගේ T-shirt එකේ කරෙන් අල්ලලා ඇද්දා... අපේ එකත් අරින්නේ නෑ. “මම ගත්තේ නෑ යකෝ”.
අපි ටික කටවල් ඇරගෙන බලන් ඉන්නවා මොකද වෙන්න කියලා. ඇත්තටම මාව කොර වෙලා තිබ්බෙ.
දැන් කොහොමහරි අර මිනිහා අපේ පොරට ගේම දෙන්න ලෑස්තිය. අපේ එකාගේ T-shirt එකේ කරත් උරෙන් පනින තරමටම ඇදලා.
ඔය අතරේ අර කලින් මිනිහම කිව්වා ඕකගේ බෑග් එකේ බලපන් කියලා.
එත් අපේ මිනිහා කියන්නේම බෝලෙ ගත්තේ නෑ කියලා.
ඒ මදිවට අර මනුස්සයා වටේ ඉඳපු අපේ සෙට් එකටත් නෙලන්න පටන් ගත්තා. මම යන්තන් පැත්තකට පැනලා ජාමෙ බේරගත්තා.
දැන් ගිනි විජ්වුම්බරයයි. ත්රාසජනක සටන් ජවනිකාව බලන්න සෑහෙන්න පිරිසකුත් වටවෙලා. ඇන් ටුක් ටුක් කාරයා අපේ එකාට හීනියට නෙලනව. ඒ කියන්නේ මූ ගහන එවා අපේ එකාට වදින්නෙ නෑ හරියට මේකා දඟලනවා “ෂර්ට් එක අතෑරපන්” කිය කිය. ඔය අතරේ T-shirt එකේ කර ඉරුනා කියපන්කෝ, මාර කේස් එක. දැන් වටේ මිනිස්සු කෑගහනවා ඔගොල්ල යාලුවව බේරගන්න කියලා.
අන්තිමේදි අපි ටික පැනලා “අනේ අයියේ ගහන්න එපා” කියලා අරකගේ ඇඟේ එල්ලුනා. ඔය අතරේ අපේ එකා බෑග් එකෙන් බෝලේ අරන් දුන්නා.
අම්මපා අර ටුක් ටුක් කාරයා කියනවා මල්ලී ඕක කලින්ම දුන්නනම් ඉවරයිනේ කියලා. කලින් දෙන්න මූ ඉතින් ඉඩ දුන්නයෑ.
දැන් ඉතින් වස ලැජ්ජාව. කඩේට යාම පැත්තකින් තියලා අපි අනිත් පාරට ගිහින් අපේ එකාගේ T-shirt එකේ කරට කටු ටිකක් ගහගෙන පයින්ම ඉස්කෝලෙ ගාවට ගියා යාලුවගේ ගෙදර යන්න බස් එක ගන්න. එතනින්ම කේක් ගෙඩියකුත් ගත්තා.
කොහොම හරි යාලුවගේ ගෙදරත් ගිහින් සේරම අමතක කරලා හොඳට නාලා, කාලා එහෙම ආවා.
වාසනාවට ටුක්ටුක් බුවාගේ ගුටි පූජාව හින්දා කාටවත් තුවාල උනේ නෑ. ගෙවල් ගාව යාලුවා, බස් එකේ ඇමිනිලා ඉරුනා කියලා මුඡලින්ද කෙනෙක්ව අම්මට පෙන්නලා යාන්තමට ගොඩදා ගත්තා.
අදටත් අපි දෙන්නා මේ සිද්ධිය මතක් කරලා හිනා වෙනවා. ඇයි යකෝ රු. 20කට විතර මෙච්චර ගුටිකනවද? ඒ මදිවට ඔහොම ගහනවාද දෙයියනේ?
මම මේක පටන් ගන්න කොටම කිව්වා මේක කව්රුවත් දන්නේ නෑ කියලා. ඒක ඉදිරියටත් එහෙම්මම තියෙන්න ඕන හින්දා මේ සිද්ධියට සම්බන්ධ නම් ගම් කිසිවක් හෙලි නොකලේ. නමුත් දන්නෝ දනිති.
රස වින්දනම් පොඩි කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා!!!

MARA KATHAWA AAAAA
ReplyDelete